බණ්ඩාර අයියේbandaara ayiyee

Bandara Aiye

සංගීතය:
චමින්ද සමරනායකchamindha samaranaayaka
පද රචනය:
සංජය වික්‍රමතුංගsanjaya wikramathunga

ගී පද

බණ්ඩාර අයියේ මේ පෝයට කතරගමට යං
දෙවියන්ගෙන් ඉල්ලන්න නොවේ වැඳලා එන්න යං
මධුමලීගේ ආශාව නිසා එහෙනම් අපි යං
පහුගිය දොහේදි වෙච්ච භාර යළි සිහි කරමින්

මැණික් ගඟෙන් වතුල් තැටිය අත ගා බැලුවා
බණ්ඩාරේ නුඹේ හිත දැක්කයි මම හොඳ හැටියට
මධුමලියේ නුඹේ සෙනේ තරම දැන ගත්තයි මම
මේ මැණික් ගඟේ රැලි නැගෙන්නේ නෑ ඒ තරමට

බණ්ඩාර අයියේ....

ලොකු මුදලක් දී නොගත්තාට පූජා වට්ටිය
දෙවියන් ඉටු කර දේවි සංසාර පැතුම් පෙල
ඉල්ලන්න නොවේ ආවේ දෙවියනි නුඹ ගාවට
මොනවත්ම එපා අපි දෙන්නට තියෙනවා සෙනෙහස

බණ්ඩාර අයියේ....