බඹරු නොදුටු මලක්bambaru nodhutu malak

Bambaru Nodutu Malak

ගී පද

බඹරු නොදුටු මලක් පිපිල ගේ මැද සාලේ
ඈත ඇදේ දෑස අන්ධ මී මැසි දෑලේ

මල් කැකුළක් මල්වර වී දොරට වඩින සඳ
සුවඳ දැනේ හතරවටේ ගව් ගණනක් දිග
මන් මත් වී රෑන් ඇදේ තරුණ බඹර කැල
බඹරු නොදුටු මල් කොයින්ද සක්වල ගල තුළ

සුරංගනා කතා තවත් නොකියනු මැන මට
කොයිද නගෝ ඔබ පවසන බඹරු නොදුටු මල
මන් මත් වී රෑන් ඇදේ තරුණ බඹර කැල
බඹරු නොදුටු මල් කොයින්ද සක්වල ගල තුළ

අන්න අතන මල් බඳුනේ බඹරු නොඑන මල
අතින් හැදූ පාට පාට රන් කරදෙහි මල