ගී පද
බඹරිදු බඹරිදු කුමට වඩින්නේ
වන මල් කැකුළිය සොයා වඩින්නේ
වන මල් කැකුළිය කුමට සොයන්නේ
ලැබුනොත් ඇය පෙම් පවස නිවෙන්නේ
සැගවුණු රස මදිරා තුඩ ගාවා
පෙම් මකරන්දය මුළු වත නාවා
බඹර කුසුම් හදවත් යුග යාවා
දෙමිය පියුම් ලොව හැම රස පාවා
බඹරිදු බඹරිදු කුමට....
අන් මලකට මකරන්දය ගාවා
ඔබෙන් ගෙනා බව මලට නොකීවා
අප පෙම එමලින් මල් පලදේවා
ලස්සන ලස්සන මල් සුපිපේවා
බඹරුන් නැති ලොව මල් නොපිපෙන්නේ
මලක් නොලත් ගස නැහැ පල දෙන්නේ
(ගසක් මලක් නැති ලොව කොයි වැන්නේ
මෙත් ගුණ නැති රලු කතරක් වන්නේ...//)