ගී පද
බඹරි මගේ හදේ වැදීලා හැන්දෑවේ
බඹරි මගේ හදේ වැදීලා
අකුණු සැරේ වගේ දැනීලා මල් පාරේ
අකුණු සැරේ වගේ දැනීලා
හදේ ශෘංගාරේ පෑවේ ඇස් පාර ගැහුවේ
හැන්දෑවේ සංකාවේ මා
බඹරි මගේ හදේ වැදීලා හැන්දෑවේ
බඹරි මගේ හදේ වැදීලා
නින්ද නැතේ රෑ යාමේ නින්ද නැතේයා
සිහිවන්නේ ඔබමයි සදා
ආලෙ නොදී බෑ මාගේ ආලෙ නොදී බෑ
මගෙ ආලේ ඔබටයි සදා
මල් කැඩුවේ රෑ තිස්සේ සිහින මව මවා
මල් දුන්නේ හී බිත්තේ නියම තැනට මා
බඹරි මගේ හදේ....
උකුල සලා ඈ ආවේ උකුල සලාලා
පෙම් පානේ පෙව්වානේ තෝරා
වශ්‍ය වැදී ඈ මාගේ වශය වැදීලා
සඳපානේ ආවා සොයා
මං ඉන්නේ මේ ලෝකේ අනගි පදමටා
මල් දුන්නේ හී බිත්තේ නියම තැනට මා
බඹරි මගේ හදේ....