බාලොලි ලොලිbaaloli loli

Baloli loli

ගී පද

බාලොලි ලොලි ලොලී - බාලොලි ලොලියේ
බාලොලි රන් පුත - නිදියාගන්නේ

සඳට උඩින් රන් විමන සැදෙන්නේ
හතර වටින් රන්තරු පායන්නේ
චාමර රන්වන් දෙපස සැලෙන්නේ
මගෙ රන් කඳ වන්  පුතු නිදියන්නේ

නාග ලොවින් නාග රියන් මැදුරට ආවෝ
දේව කුලෙන් දේව රියන් මැදුරට ආවෝ
ගිත සුරල්  මේ කන වැගිරෙන්නේ
සිහින ලොවට වී පුතු නිදියන්නේ

පිපුනලු අත්තක මලක් ලෙසින්නේ
ඇඳුනලු පෙත්තක රුවක් ලෙසින්නේ
මා හිමි සන්තක මිණක් ලෙසින්නේ
දොයි පුත දොයි පුත නිදියාගන්නේ

වළා ගැබේ සේල ගෙනත් ඒ අතුරන්නේ
කුමාරයෙක් මිහිර ගෙනත් සුවය සදන්නේ - සුවය සදන්නේ
සඳ විමනට බැදි යහන සදන්නේ
ඒ යහනෙදි පුතු සැතපී ගන්නේ