බාලිකාවෙ පරවි රෑනbaalikaawe parawi raena

Balikawe Parawi Rana

සංගීතය:
සමන් ඉන්දිකsaman indhika
පද රචනය:
සහන් මුතුකුමාරණsahan muthukumaarana

ගී පද

බාලිකාවෙ පරවි රෑන ඉගිලිලා එන
පාර ගාව මම රැඳුනා අයාගෙන නෙත 
අයාගෙන නෙත
ප්‍රේමනීය නෙත් දෙක ලඟ ඇවිලිලා සිත 
අහස සේම හද ඉපිලෙයි ඔබ සරා සඳ
ඔබ සරා සඳ

ගාට ගාට සිත ඇවිදී අද ඔබේ ලඟ 
ආදරේක හැටි පුදුමයි ඔබ සොයා දෙන 
ඔබ සොයා දෙන
ජීවිතේට සංසාරේ පුරුදු ලං කල 
සුවඳ ගේන ඔබ පියුමයි මමයි නිල් විල 
මමයි නිල් විල

බාලිකාවෙ පරවි රෑන....

පාලු රෑක ඇති තනිකම් නිම නොවේ මට 
සේද සේල සළු පොරවයි සඳ මගේ ලඟ 
සඳ මගේ ලඟ
බාලිකාව හෙට ඇරුනම ඔබත් ආවම 
කියනවාද මගෙ හසුනට ඔබේ පිළිතුර 
ඔබේ පිළිතුර

බාලිකාවෙ පරවි රෑන....