බලන්න සොඳුරියbalanna sonduriya

Balanna Sonduriya

ගී පද

බලන්න සොඳුරිය වියපත් දෑසින් 
සොඳුරු අතීතෙක ආදර මතකය
අපේම වී සිටි අප අද කොතැනක

පියාපත් ඇදි සරසවි උයනේ
ඉගිල ගියා ඔබ කිරිල්ලියක සේ //
රුවල බිදී ගිය ආදර ඔරු කද
ගිලිහි ගියා මහවැලි ගං පතුලට

බලන්න සොඳුරිය ....

දෙගුරුන් ඉදි කළ පවුරු කවුළු මැද
රැහැන් වෙලා ඔබ කුලසිරිතෙන් බැද //
සිතිජ ඉමෙන් නෙත නොපෙනෙන ඈතට
දුරස් කළා මට කදුළු ඉතිරි කොට

බලන්න සොඳුරිය .....