බලන්න අරුණ සමගbalanna aruna samaga

Balanna Aruna Samaga

ගී පද

බලන්න... 
බලන්න අරුණ සමග ලොවට පිපෙන තඹරු ගණන
බලන්න මලක නොරැඳි මලක රොණක බඹරු ඇදෙන
විඳින්න සතුට සැපත මිහිරි දිවිය ඔබට ගෙණෙන
බලා නොඉන්න ආදරේ සොයා ඔබත් ඇදෙන්න...//

යුගෙන් යුගය සතුට සැපත සොය සොයා
මිනිස් මොළය අහස පොළොව අභිබවා ගියා
මලින් මලට ඇදන බඹරු නොදැක ඇස පියා
බලන්න බඹර තුඩක මලක රහස

බලන්න.../

කොහෙන් පැමිණ කොහේ යමුද දන්නෙ නෑ
එදා හොඳද මෙදා හොඳද අපිම දන්නෙ නෑ
සදාතනික සතුට සැපත අපට එන්නෙ නෑ
සොයන්න මොටද නොතිර ලොවක රහස

බලන්න...//