බලා ඉන්නම්balaa innam

Bala Innam

සංගීතය:
කසුන් කරුනාතිලකkasun karunaathilaka
පද රචනය:
තරිඳු වීරසිංහtharindu wiirasinha

ගී පද

(බලා ඉන්නම් ලවන් සනහා 
සිනහ මල් ගෙන එන තුරා
දරාගෙන මගේ මතක හසරැල් 
සසල නිසසල සිත පුරා...//)

(සිහින් වැස්සේ පිනි බිඳක් වී 
රැදෙන්නම්  ඔබෙ සිනිඳු කොපුලේ 
නිසල දිය මත සියපතක් වී 
රැදෙන්නම් ඔබෙ නුවන් සඟලේ...//)
 
(සිහින් සුළඟේ මල් සුවඳ වී 
හමන්නම් ඔබෙ මුවග පිනවා 
මැවෙන අහසේ සුපුන් සඳ වී 
දිලෙන්නම් හසකැනින් නහවා...//)

බලා ඉන්නම් ලවන් සනහා 
සිනහ මල් ගෙන එන තුරා
දරාගෙන මගේ මතක හසරැල් 
සසල නිසසල සිත පුරා
බලා ඉන්නම් ලවන් සනහා