ගී පද
බලා හිඳින්නම් ඔබ මගේම නම්
දුකින් මියෙන්නම් මා හැරයානම්
යළිත් කියන්නම් ඔබ මගේම නම්
හෙටත් හිඳින්නම් ඔබ ළඟ රහසින්
රැහැයි හඬ තලයි නුඹ ගැන බියක් මට දැනෙයි
අහක බලන් ඉන්නට බෑ නුඹත් මට මගේ
දනිමි මමත් ළෙන්ගතුකම් අහසටත් වැඩී
නුඹේ සෙනෙහසට වැඩි හව්හරණ මට නැතී
හඬන්න එපා ඵල නෑ මේ දිවි කතරේ
නුඹේම වී උපදින්නම් මං මතු සසරේ
මටත් මහමෙරක්වී නුඹ මගේ හිත රැඳී
නුඹේ තරම් හොද හිත මම තවත් දැන නැතී
බලා හිඳින්නම් ....