බයිලා ලෝකේbayilaa lookee

Baila Loke

සංගීතය:
සරත් ද අල්විස්sarath dha alwis
පද රචනය:
වර්නන් පෙරේරාwarnan pereeraa

ගී පද

(බයිලා ලෝකේ අඩුව මකන සුපිරි තරුව ආවා ඔන්න 
ගෝවේ ගිහින් ඔරිජිනල්ම බයිලා ගෙනාවා 
මේවා අහල දැන් නටන්න නටාලා අත්පුඩි ගහන්න   
රුකී බෝයිගේ ever lasting බයිලා මේවා     
රුකී බෝයිගේ ever lasting බයිලා මේවා)...//

පෘතුගාලේ බයිලා රජා මාව එහාට අරන් ගියා  
මට බයිලා ටියුෂන් දෙන්න 
සාස්තරේ හරියට දෙන්න 
කිව්වම මම කෆිරින්නා එයා ගැහුවා රවිකින්නා    
පෘතුගාලෙම නැටුවලු ඔන්න 
මට කුසලානය දුන්නලු ගන්න 
   
බයිලා ලෝකේ අඩුව මකන සුපිරි තරුව ආවා ඔන්න 
ගෝවේ ගිහින් ඔරිජිනල්ම බයිලා ගෙනාවා 
මේවා අහල දැන් නටන්න නටාලා අත්පුඩි ගහන්න   
රුකී බෝයිගේ ever lasting බයිලා මේවා     
රුකී බෝයිගේ ever lasting බයිලා මේවා

ලංකාවේ බයිලා පොලේ අලුත් බයිලා නැහැලු බොලේ 
බයිලා රාජා කිව්වලු එහෙම
බොහොම දුකින් කිව්වලු එහෙම
රත්තරනින් පොතක් හදල දුන්න ඒකෙ බයිලා ලියලා 
ඒ පොත මම ගෙනවා ඔන්න 
ඒ බයිලා ඔහෙලා කොපි කරගන්න 

(බයිලා ලෝකේ අඩුව මකන සුපිරි තරුව ආවා ඔන්න 
ගෝවේ ගිහින් ඔරිජිනල්ම බයිලා ගෙනාවා 
මේවා අහල දැන් නටන්න නටාලා අත්පුඩි ගහන්න   
රුකී බෝයිගේ ever lasting බයිලා මේවා     
රුකී බෝයිගේ ever lasting බයිලා මේවා)....//
රුකී බෝයිගේ ever lasting බයිලා මේවා..
රුකී බෝයිගේ ever lasting බයිලා මේවා..
රුකී බෝයිගේ ever lasting බයිලා මේවා..