අයියන්ඩියේ නුඹ ඇවිදින් ගිය දවසේayiyandiyee numba aewidhin giya dhawasee

Ayyandiye Nuba Awidin

ගී පද

අයියන්ඩියේ නුඹ
ඇවිදින් ගිය දවසේ
ගිණි ඇවිලුනා කැනිමඬලට
අපෙ නිවසේ
එක පත අනා එකටම කෑ පෙර
දවසේ
මං අමතද නුඹ රජ වූ අද
දවසේ

අම්මා එක්ක දබරව පැද
ගිය වත්තේ
ලැම දා ගියා බත හිර වුනි
කුස ගින්නේ

දෑසේ කඳුළු වැහි පොද
ලෙස වෑහෙන්නේ
වී පෑලකට ඇයි උබ විරසක
වෙන්නේ

ඉරට සැපක්දෝ නියඟය
දළුලෑම
සඳට සැපක්දෝ ඝණ දුර
පීදීම
නුඹට සැපක්දෝ අපි තනිකර
යෑම
මහ පොළවකට නඩු හබ ඇයි
ගතු කීම