ගී පද
දැන් සතුටු නම් මාගෙන් වෙන්වෙලා
ඈතට ගියත් තරහක් නෑ මෙමා
නිදහසට කාරනා පල නෑ දැන් ගොතා
විවරයි මා හදේ දොරගුලු දැන් සදා
(ආයෙනම් හමුවන්නෙපා
වැටහිලා ආවත් සොයා
මේ භවේ තුල මා ගෙනා
ආයුෂත් අවසන් නිසා...//)
මහදේ නුඹ තැනූ සුවිසල් මාලිගා
අද නෑ සුන්වෙලා සුළගේ පාවෙලා
නොදැනී ආදරේ අංශුවක්වත් එදා
නුඹ ලංසුවක් දමා ගියා වෙනතක් සොයා
ආයෙනම් හමු වන්නෙපා....//
මතකේ චිතකයක් සේ අළුවෙලා
ගිය ඒ මාවතේ සුදු මල් සුපිපිලා
හැඩුවත් ඉකිගසා පල නෑ දැන් ඔයා
කහටක් නෑ හිතේ නිදුකින් ඉනු සදා
දැන් සතුටුනම්.....
ආයෙනම් හමු වන්නෙපා....//