ගී පද
ආදරියේ........ඇවිදිමු මල් පාර දිගේ
අත් අල්ලා රස විඳගමු ජීවිතයේ..
දිවිය මගේ සරසන්නට සංසාරේ......
ඉන්න ළඟින් ආයුබොවන් මගේ මැණිකේ......
ඔය දිලිසෙන ඇස් වල ආදරෙ මම දුටුවා
ඔයාගේ පස්සෙන් එන්නට මගේ හිත බල කෙරුවා
හැම තිස්සෙම ඔබ ගැන හිත හිත හිටියා
ඔබ දැක්කම සත්තයි මගේ හිත හිරි වැටුනා....
ආදරියේ.../
දුර දැක්කම ඔබ එන ඉඟ සුඟ නලවාලා
මගෙ හදවත දැක්කද ආදරේ පුරවලා
අත ගන්නට නම් බෑ දැම්මම මගෙ මැණිකා
තව චුට්ටක් ආදරේ කරලම බඳිමුද මැණිකා.....
ආදරියේ.../