ඇයි දැන් එපා වෙලාaeyi dhaen epaa welaa

Ayi Dan Epawela

ගී පද

ඇයි දැන් එපා වෙලා යන්නේ ඉවත බලා
එහෙනම් සුසුම් හෙලා ඉන්නම් අයින් වෙලා
ඇයි දැන් එපා ....

නොසැලෙන ආදරයයි මගෙ මුළු ජීවිතයයි
පිදුවේ ඔබට තමයි රත්තරනේ ...//
ඇයි දුර දිග නොබලා මේ හදවත බිඳලා
ඉන්නේ පිටුපාලා කිමදෝ රත්තරනේ

ඇයි දැන් ....

මිණි මුතු යයි කියලා කළුගල් කැට සොයලා
ඉඳලා රුවටීලා මොටදෝ රත්තරනේ ...//
ඔබටයි මගේ ආලේ කියමින් සිටි කාලේ
අමතක වුන ලීලේ පුදුමයි රත්තරනේ

ඇයි දැන් ...