ගී පද
තිබුනානම් හුඟක්
ලොකු මිල මුදල් මගෙ අතේ
ඔබ නෑ මේ වගේ අද වෙන් වන්නේ
කහටක් හිතේ කොනකවත් නෑ ඔබ කෙරේ
සුලගක් වගේ හැර ගියත් ලෝකෙන් මගේ
'ආයෙත් වරක්
මට වඩා හොද කෙනෙක්
හමුවේවා කියා ඔබට මා පතනවා'.../
ජීවිතේ පරදුවට මා තියා
පෙම් කලේ ඔබ වටිනවා සිතා
තේරුනේ මම රැවටුනා කියා
කාලයක් නොදැනීම ගතවෙලා
කහටක් හිතේ කොනකවත් නෑ ඔබ කෙරේ
සුලගක් වගේ හැර ගියත් ලෝකෙන් මගේ
ආයෙත් වරක්.../
මේ භවේ යලි සිහිවෙලා එදා
තේරුනොත් මම ඉස්තරම් කියා
මන්දිරේ දොරගුලි කඩා දමා
ආයෙමත් එන්න මා සොයා
කහටක් හිතේ කොනකවත් නෑ ඔබ කෙරේ
සුලගක් වගේ හැර ගියත් ලෝකෙන් මගේ...
තිබුනානම් හුඟක්.../