ගී පද
ආයෙත් රැවටෙන්න බෑ ස්නේහේ පැටලී ඔබේ..
පාළුයි ඉවසන්න බෑ කම්නෑ තවමින් සිතුම්
කොහේදෝ තරහා වී ගියේ නම් මුලා වී
ආයෙත් ඔබ ඕනෑ නෑ....
ආයෙත් රැවටෙන්න බෑ ස්නේහේ පැටලී ඔබේ..
අහසේ තාරුකා තරම් ආදරේයි කියා
මැව්වනේ පෙම් මාළිගාවන්....
අහසේ තාරුකා තරම් ආදරේයි කියා
මැව්වනේ පෙම් මාළිගාවන්...
පයට පෑගෙන දුහුල්, දුහුල් මීදුමක් ලෙසින්
බිඳ දැම්මේ නුඹමයි සිනා....
ආයෙත් රැවටෙන්න බෑ ස්නේහේ පැටලී ඔබේ..
නිහඬ කල්පනාවකින් හිතට ළං වෙලා
දුන් හීනේ තනි වී එදා මා....
නිහඬ කල්පනාවකින් හිතට ළං වෙලා
දුන් හීනේ තනි වී එදා මා....
කඳුළු උහුලනා තරම් අතරමං වෙලා නෙතින්
ඇහුණා ද ළඳුනි එදා....
ආයෙත් රැවටෙන්න බෑ .../