ආයෙත් හඬන්න, කඳුලක් උනන්න,
ඇයි අපි මේ හමුවන්නේ...
හිමි නැති ඔයාව, හිත යට තියාන,
දුක් විදලයි හිත හැදුනේ...
ඔබ හිනැහෙන්න ඔබෙ රජ දහනේ,
මං තාමත් මගේ තනි හීනේ..
දුප්පත් කමට නෑ හිමි ප්‍රේමේ,
ඒකයි මං ඔබෙන් වෙන් වෙන්නේ...
ආඩම්බර රුව දැකලා,
සිත ආයෙත් උමතු වෙලා..
සඟවන්නට බැහැ කිසිදා,
පුංචි පෙම්පත් කතා..
අපේම ලොවේදි, අපි මුනගැසේවි,
සිතමින් පෙම්කරලා..
ඔබ දුර ඇදේවි, මං ඉකිබිදීවි,
අපි ඈතයි සැමදා..
ආයෙත් හඬන්න...
සදාතනික පෙම පතලා,
තනිකඩ සිත මුලාවෙලා..
ඇති නැති දුර දුරක තියා,
සත්තමයි පෙම් කලා..
අපේම ලොවේදි, අපි මුනගැසේවි,
සිතමින් පෙම්කරලා..
ඔබ දුර ඇදේවි, මං ඉකිබිදීවි,
අපි ඈතයි සැමදා..
ආයෙත් හඬන්න...
aayeth handanna, kandulak unanna,
aeyi api mee hamuwannee...
himi naethi oyaawa, hitha yata thiyaana,
dhuk widhalayi hitha haedhunee...
oba hinaehenna obe raja dhahanee,
man thaamath magee thani hiinee..
dhuppath kamata nae himi preemee,
eekayi man oben wen wennee...
aadambara ruwa dhaekalaa,
sitha aayeth umathu welaa..
sangawannata baehae kisidhaa,
punchi pempath kathaa..
apeema loweedhi, api munagaeseewi,
sithamin pemkaralaa..
oba dhura aedheewi, man ikibidhiiwi,
api aethayi saemadhaa..
aayeth handanna...
sadhaathanika pema pathalaa,
thanikada sitha mulaawelaa..
aethi naethi dhura dhuraka thiyaa,
saththamayi pem kalaa..
apeema loweedhi, api munagaeseewi,
sithamin pemkaralaa..
oba dhura aedheewi, man ikibidhiiwi,
api aethayi saemadhaa..
aayeth handanna...