ගී පද
ආයෙමත් ඔබ දකින්නටවත්
හිතුවේවත් නැති මොහොතක
අහඹු ලෙස මගේ දෙනෙත් මානෙට
පෙනෙයි ඔබේ ආදරේ ඇස්
ආදරේ බව වචනයක්වත්
කියාගන්නට බැරිම තැන
මං මේ ගයන්නේ ඔබටමයි.......
අසරණව ඔබ මගේ දෙනෙත් තුළ
හිඳින විට ලෝකෙන් මිදී
ලොවේ නෙත් දහසකුත් ඔබ දෙස
බලනු දැකඔබ වෙතින් මිදුණත්
ආදරේ බව වචනයක්වත්
කියාගන්නට බැරිම තැන මං
මේ ගයන්නේ ඔබටමයි.......
ආයෙමත් ඔබ දකින්නටවත්
හිතුවේවත් නැති මොහොතක
අහඹු ලෙස මගේ දෙනෙත් මානෙට
පෙනෙයි ඔබේ ආදරේ ඇස්......
ඔබෙන් ලද ඒ ආදරයමයි
අදත් මා ජීවත් කරන්නේ
ඔබ ළඟත් ඒ ආදරයමයි
මගේ දෙනෙත් අදහනු බැරි
ආදරේ බව වචනයක්වත්
කියාගන්නට බැරිම තැන මං
(මේ ගයන්නේ ඔබටමයි.......//)