ආයෙමත් එනවදෝ ඔයා (සඳ නිදිගත් රෑ යාමේ)aayemath enawadhoo oyaa (sanda nidhigath rae yaamee)

Ayemath Enawado Oya (Sanda Nidigath Ra Yame)

සංගීතය:
අශාන් ප්‍රනාන්දුashaan pranaandhu
පද රචනය:
දිලාන් දේවින්දdhilaan dheewindha

ගී පද

සඳ නිදිගත් රෑ යාමේ 
හිත කතා කරා රහසේ
(හද ගාව නවතින්න ආයෙමත් 
ආයෙමත් එනවදෝ ඔයා....//)

බිඳුණු හිත පුරා රිදුණු තැන් සොය සොයා
ආයෙමත් ආදරෙන් ආයෙමත් ආදරෙන්
පිරිමදින්න එනවදෝ ඔයා
හද ගාව නවතින්න ආයෙමත් එනවදෝ ඔයා....

සුසුම් අතර නැවතිලා ඇස් වලින් කතා කියා
කෙහෙරැල්ලේ දැවටිලා අත් පටලන් යන්න 
ආයෙමත් එනවදෝ ඔයා....
හද ගාව නවතින්න ආයෙමත් එනවදෝ ඔයා....

සඳ නිදිගත්.....