ආයේ නොඑනාaayee noenaa

Aye Noena

සංගීතය:
චමත් සංගීත්chamath sangiith
පද රචනය:
සජිත් චතුරංගsajith chathuranga

ගී පද

හමුවන්න අයිති නැතිමුත්
අපි හමුවුණා ලොවම රවටා
එක් වෙන්න හීන මැව්වත්
එක් වෙන්න බෑ අපට කිසිදා
ආයේ නොඑනා දිනෙක මතු දා
මට ලැබුණෝතින් ඔයා
පිළිගන්නවා පාවඩ එලා....

හද පතුරේ රැඳුන මගේ ආදරේ සඟවාලා
දෙතැන අපේ හිමි අරණේ කාටවත් නොපවසා
ආයේ නොඑනා දිනෙක මතු දා
මට ලැබුණෝතින් ඔයා
පිළිගන්නවා පාවඩ එලා....

මධු කුලයේ බඹරු ඔබේ ආදරේ පොරකාලා
රැගෙන ඔබේ වටිනම දේ හැර ගියත් ඉගිලිලා
ආයේ නොඑනා දිනෙක මතු දා
මට ලැබුණෝතින් ඔයා
පිළිගන්නවා පාවඩ එලා....

හමුවන්න අයිති...