ආයේ දවසකaayee dhawasaka

Aye Dawasaka

සංගීතය:
අනුෂ්ක දසනායකanushka dhasanaayaka
පද රචනය:
රසි පතිරණrasi pathirana

ගී පද

ආදරේ බිඳුනා සංසාරේටම පතපු 
මා කෙරෙන් මිදුණා ඔබ මගේමයි කියා කියපු
හීන බොඳ වූවා හැමදේම බොරු වීලා
පාළුවෙන් අද මා සැනසුම ඔය හිතින් සොයපු
(ආයේ දවසක මාව මතකෙට ඒවි අනිවාරේ
එදාට ඔබ හැරගියපු ආදරේ වටිනාකම තේරේ...//)

හමුවුණු තැන්වල සිත දවනා ඒ අපගේ මතක
හැමදාමත් ඇස් දෙක තෙමුවා රහසින් ලෝකයට
යන්න ගියත් මා ගැන බිඳුවක් අනුකම්පා නොහිත
අහිමි කරන්නට නෑ හිතුවේ මා ඔබගේ සතුට
(ආයේ දවසක මාව මතකෙට ඒවි අනිවාරේ
එදාට ඔබ හැරගියපු ආදරේ වටිනාකම තේරේ...//)

රෑ නිදි නොදෙනා තනිකමට හේතුව වුණත් ඔබ
ශාප කරන්නෑ කිසිදාක මං අපේ අතීතේට
වරදක් සිදුවුණි නම් ඔබට මා දැන හෝ නොදැන
පිලිගන්නට තිබුණා මම ඔබ ගත් තීරණය....

ආදරේ බිඳුණා....