ඇයගේ ඇකයෙහිaeyagee aekayehi

Ayage Akayehi

සංගීතය:
වික්ටර් රත්නායකwiktar rathnaayaka
පද රචනය:
බණ්ඩාර විජේතුංගbandaara wijeethunga

ගී පද

ඇයගේ ඇකයෙහි ඔබ හිස රදවා
සැනහුණු මොහොතක ඔබේම දෙනෙතින්
මා ඔබ දුටුවා ඇයට නොවේ 
ඔබට පමණි ඔබ ආදරේ

වසන්ත දෙකොපුල නිසි වැරු තොල් මල
දසැගිලි තුඩු අග පිබිදුණු රණහස
ඇයට ආදරෙයි ආදරෙයි මම
ඇයට ආදරෙයි ආදරෙයි

ඇගේ සුරත ගෙන පිනි විල්ලුද මත
ඇයට ඇළුම් බව ඔබ පැවසූ පසු
පෙරලා ඔබ හට  පෙම් කරනා බව
ඇය මුමුණන සද ඔබ සුවපත් වේ.

ඇයට පමණි මම ආදරේ
ඔබට පමණි ඔබ ආදරේ