ගී පද
අයදින්නේ නෑ ඔබේ ආදරේ
මින් මතුවට කිසිදා
රිදවන්නේ නෑ ඔබගේ හදවත
මා ළඳුනේ මතුදා
ඔබ වෙන කෙනෙකුට බහ දී ඇති බව
මට නොකියා ඇයි නිහඬ වුනේ //
එනිසයි මිහිරියේ ඔබේ අත ගන්නට
කල් බලමින් මා මුලා වුණේ
අයදින්නේ නෑ ....
ඔබේ සියුමැලි හද සසල කලා නම්
සමාවෙන්න මට ප්‍රිය ළඳුනේ //
ඔබට සුභ පතා ඔබගෙන් සමුගෙන
මා අද වෙන්වී සිනාසෙමි
අයදින්නේ නෑ ......