ආයාචනාaayaachanaa

Ayachana

සංගීතය:
චමිත කුරේchamitha kuree
පද රචනය:
චමිත කුරේchamitha kuree

ගී පද

මාගේ පැතුමන් නිසොල්මන් කලා - වාගේ නොගැයූ සුපෙම් ගායනා
සියොළඟ දෑලේ දැනුනා ආලේ - ඇසුනාද ආයාචනා
පෙරදා වාගේ කඳුලින් කීවේ - දැනුනාද සංවේදනා

මාගේ පැතුමන් නිසොල්මන් කලා - වාගේ නොගැයූ සුපෙම් ගායනා

දින දින හද දොරහැර මාගේ - පෙම්සිත දවනා රළු රාගේ
හඩවා.. කදුලින් මා තෙත් කලා
මලකින් මත් බඹරෙකු වාගේ - සිතගින් සැලුවා ගුම් නාදේ
ඇසුනා.. මුවගින් ඔබේ සදා

සියොළඟ දෑලේ දැනුනා ආලේ- ඇසුනාද ආයාචනා
පෙරදා වාගේ කඳුලින් කීවේ - දැනුනාද සංවේදනා

සඟවා පෑ මුදු මදහසේ - ගිනිගෙන සිතිවිලි පොද වෑහේ
ඔබ මා සිතැඟින් මුලා කලා
කතරක් බඳු මේ යහනාවේ - මිරිඟුව දැක සැතැපුනු යාමේ
මිදුනා.. දැහැනින් මුලා වෙලා

සියොළඟ දෑලේ දැනුනා ආලේ - ඇසුනාද ආයාචනා
පෙරදා වාගේ කඳුලින් කීවේ - දැනුනාද සංවේදනා
මාගේ පැතුමන් නිසොල්මන් කලා