ඇයි මස්සිනේ පෙම් කලෙ අපි එක මලට (පලංචියේ ලී ඉරුවේ)aeyi massinee pem kale api eka malata (palanchiyee lii iruwee)

Ay Massine Pem Kale Api Eka Malata (Palanchiye Lee Iruwe)

ගී පද

පලංචියේ ලී ඉරුවේ අපි එකට
මල් පැන් පොදක් රහ බැලුවේ අපි ‍එකට
එක වාඩියේ කල් ඇරියත් හිත හොඳට
ඇයි මස්සිනේ පෙම් කලෙ අපි එක මලට

විරසක වී රුපුන් ලෙස යුද වදින්නද
කුළුදුල් පෙම මෙයයි ඉන් අත් ‍මිදෙන්නද
පෙම්දම් නිසා මිතුදම් සිඳ දමන්නද
හොඳ හිත නු‍ඹෙ තරම් ලොවකින් ලබන්නද

පලංචියේ ලී ඉරුවේ.... 

දොඩමලු කතා  නෑ අද වාඩිය හෙවනේ
නිදි නැති රැය පුරා නුඹෙ සුසුමයි ඇසුනේ
හොර රහසින්ම එක සුවඳක් පැතු පමිනේ
නුඹවත් නැතිවේද හෙට මට සකි සඳුනේ

පලංචියේ ලී ඉරුවේ....
(ඇයි මස්සිනේ පෙම් කලෙ අපි එක මලට...///)