අවුරුදු සුවඳ ඇවිත්awurudhu suwanda aewith

Awurudu Suwanda Awith

සංගීතය:
ආනන්ද වෛද්‍යසේකරaanandha waidhyaseekara
පද රචනය:
විකුම්ප්‍රිය පෙරේරාwikumpriya pereeraa

ගී පද

අවුරුදු සුවඳ ඇවිත් පිපුණු මල් වල දෝ
කුරුළු ගී හඬ නැගේ කන්කළු
ගසින් ගස නෙක මලින් පිරිලා
සිතා ගන්නට බෑ...//

අවුරුදු සුවඳ ඇවිත් පිසුණු මසවුළු දෝ
බැදෙනා සර හඬ ඇස කන්කළු
දොරින් දොර කෙළි නදින් පිරිලා
සිතා ගන්නට බෑ...//

අවුරුදු සුවඳ ඇවිත් ගී තනු බෙර නද දෝ
රබන් සරදම් කවට කන්කළු
සිරිතෙන් විරිතෙන් ගමම පිරිලා
සිතා ගන්නට බෑ...//

අවුරුදු සුවඳ ඇවිත් රැවටුණු සිත් ඇයිදෝ
මිනිසුන් සිත් වල පෙම ඉපිලෙන
හෙට උරුම දරු කැල ළඟයි
එදා වාගේමයි...//

අවුරුදු සුවඳ ඇවිත්...//