ගී පද
(අවුරුදු ළඟා වුණා එරමුදු මල් පිපුණා
අවුරුදු ළඟා වුණා එරමුදු මල් පිපුණා
හෙළයේ මංගලයි මංගලයි මංගලයි නටපල්ලා
සිරි සුබ නැකත බලා වැඩ අල්ලා නටපල්ලා
සිරි සුබ නැකත බලා වැඩ අල්ලා...//)
ලාමත ළඳ බොළඳ ලියන් හෙළ දිවේ
හෝ... ලාමත ළඳ
ලාමත ළඳ බොළඳ ලියන් හෙළ දිවේ
(මුකුළු කඩා හලා කැකුළු සිනා නගා...//)
කැවුම් පිසා කිරිබත් කා ප්‍රීති වෙලා නටපල්ලා
සිරි සුබ නැකත බලා වැඩ අල්ලා නටපල්ලා
සිරි සුබ නැකත බලා වැඩ අල්ලා
අවුරුදු ළඟා වුණා එරමුදු මල් පිපුණා
හෙළයේ මංගලයි මංගලයි මංගලයි නටපල්ලා
සිරි සුබ නැකත බලා වැඩ අල්ලා නටපල්ලා
සිරි සුබ නැකත බලා වැඩ අල්ලා
ජාතික ගති සිරිත අපේ ඔප වැටේ
හෝ... ජාතික ගති
ජාතික ගති සිරිත අපේ ඔප වැටේ
(ප්‍රීති සුසුම් හෙලා සාමේ කුසුම් නෙලා...//)
රබන් පදේ දෙන තාලෙට ඉඟ සලලා නටපල්ලා
සිරි සුබ නැකත බලා වැඩ අල්ලා නටපල්ලා
සිරි සුබ නැකත බලා වැඩ අල්ලා
අවුරුදු ළඟා වුණා එරමුදු මල් පිපුණා
හෙළයේ මංගලයි මංගලයි මංගලයි නටපල්ලා
සිරි සුබ නැකත බලා වැඩ අල්ලා නටපල්ලා
සිරි සුබ නැකත බලා වැඩ අල්ලා