අවුරුදු දෙදහස් පන්සීයක්awurudhu dhedhahas pansiiyak

Awurudu Dedahas Panseeyak

සංගීතය:
ස්ටැන්ලි පීරිස්staenli piiris
පද රචනය:
සුනිල් ආරියරත්නsunil aariyarathna

ගී පද

අවුරුදු දෙදහස් පන්සීයක් දැන් වයසයි මට මගෙ දූ පුතුනේ
ලේ කිරි දුන් උන් ලේත් උරා බී ලේ කළඳක්වත් නෑ දෙතනේ
දරුවොත් වැදුවා දරුවොත් හැදුවා උන් වැඩි හරියක් සොර දෙටුවෝ
දරුවන් වුව උන් පරයන් මැරයන් මගෙ දේ කා මට වින කෙටුවෝ
 
උනුන් කොටවලා උගුල් අටවලා රජ වෙති මගෙ උන් හැමදාමත්
මගෙ රජ දරුවන් මගෙ ජන දරුවන් ගැන බැලුවේ නෑ කවදාවත්
තමන් හැදෙනු මිස නංගිලා මල්ලිලා හදන්ට ඕනෑ කමක් නැතී
ගේ දොර කණකර උකසට තියලා වළඳත් විකුණා ගෙන බුදිතී

අවුරුදු දෙදහස් පන්සීයක් දැන් වයසයි මට මගෙ දූ පුතුනේ
ලේ කිරි දුන් උන් ලේත් උරා බී ලේ කළඳක්වත් නෑ දෙතනේ
 
උතුරේ දරුවන් මියැදී ඉවරයි දකුණේ දරුවොත් මිය ඇදෙතී
මගේම මහ උන් මගෙ නම විකුණා කොටවා මගෙ දරුවන් මරතී
අවුරුදු පන්දහසක් තව ඉන්නට පරමා යුෂ මට ඇති බැවිනී
මගෙ පොඩි පැටවුනි තෙපිවත් මේ සොර මුළුවෙන් මා ගළවනු මැනවී