අවාසනාවට රෝස මලත් පරවෙයිawaasanaawata roosa malath paraweyi

Awasanawata Rosa Malath Parawei

ගී පද

අවාසනාවට රෝස මලත් පරවෙයි
කඩා වැටෙන්නට උණු කඳුළක් වැලපෙයි
දරා ගන්න බැරි තරමට ආදරෙයි
ඔයා රත්තරන් වරදක් කළා නොවේ

ලියා හසුන්පත් තැන තැන හංගාපු
ගලා බොඳව යයි ඒ ඇස් දෙකෙන් තෙමූ
වලාකුලට රෑ සඳ නෑවිත් ඉඳපු
එකම දවස අද විතරද මගෙ දෙවිඳු

පතා නොසිටියත් සැප සම්පත් ඉසුරූ
මහා යදම් බැඳ සිතුවිලි සිර කරපු
මගේ නැගණියක් ලෙසින් සිතා මතූ
අවසර දෙන්නම් අපි හිත හඳාගමු