අවසාන තීරණයawasaana thiiranaya

Awasana Theeranaya

සංගීතය:
ශානක ජනිත්shaanaka janith
පද රචනය:
ලහිරු චමිත්lahiru chamith

ගී පද

අවසාන තීරණය ගන්නට පෙර ඔබට 
පවසන්නම් දිවුරා මං ඔබට ආදරෙයි තවමත් 
මිය යන්න පෙර ඔබට කල ආදරේ තරම 
වැටහෙයි මං නැති දාකත් හොඳට මතක තියාගන්න
(දුන් ආදරේ විහිලුවට ගත්තට 
දඬුවම් එපා මේ පුංචි ඇස් දෙක හට...//)

රැකගන්න ආදරය වෙහෙසුන තරම් 
ඔබ දන්නෙ නෑ නේද මගෙ රත්තරන් 
යහමින් නැතත් මිල මුදල් ඇති තරම් 
සතුට තිබුනේ නැතිද මගෙ ළඟ හුඟක්
නෑ පතන්නේ ආයෙ මගෙ සතුට මං 

විඳවන්නෙ ඔබෙ මතක මම පොදි බැඳන් 
මේ භවයෙ මගෙ වෙන්නෙ නැති බව දැනන් 
අත ගන්න ලැබුනොත් යලිත් එක් වරක් 
නෑ පතන්නේ ආයෙ මගෙ සතුට මං 
සත්තයි සදා ඔබගෙමයි රත්තරන් 
 
අවසාන තීරණය ගන්නට......