අවසාන ප්‍රේමයේ කඳුලේawasaana preemayee kandulee

Awasana Premaye Kandule

සංගීතය:
අශාන් ප්‍රනාන්දුashaan pranaandhu
පද රචනය:
ඩිලාන් ගමගේdilaan gamagee

ගී පද

අවසාන ප්‍රේමයේ කඳුලේ
උණුහුමට මේ දෙනෙත් තෙමුනේ
වරද මාගේ අතේ තිබුනේ
හිත සැකෙන් පෙලිලා කඳුළු ඉස්සර වුනා

මට සමාවෙනවාදෝ
ආයෙමත් එන්නකෝ ඔයා
මගෙ බොලඳ ආදරේ වැඩිකමට
මං ආයේ කලබල වුනා

මතක සැමරුම් එකතු කරලා
පපුව ගැඹුරේ නිදන් කෙරුවා
වැටහුනෙ අදයි ඔබගෙ සෙනෙහේ
මියැදෙයිද මා කඳුළු අතරේ

ඉක්මණින් එන්න දැන් 
බෑ තනිව ඉන්න නම්
තවත් විඳවන්න 
දෙන්නෙපා මට ඉතින්....

මට සමාවෙනවාදෝ....

කඳුළු ගැරහුම් තනිව විඳලා
හිතට නුහුරුයි තනිව ඉඳලා
ඔබම විතරයි ඇත්තෙ මනසේ
මියැදෙන්න බෑ සිහින අතරේ

ඉක්මණින් එන්න දැන් 
බෑ තනිව ඉන්න නම්
තවත් විඳවන්න 
දෙන්නෙපා මට ඉතින්....

මට සමාවෙනවාදෝ
ආයෙමත් එන්නකෝ ඔයා
මගෙ බොලඳ ආදරේ වැඩිකමට
මං ආයේ කලබල වුනා

අවසාන ප්‍රේමයේ කඳුලේ
උණුහුමට මේ දෙනෙත් තෙමුනේ
වරද මාගේ අතේ තිබුනේ
හිත සැකෙන් පෙලිලා කඳුළු ඉස්සර වුනා

මට සමාවෙනවාදෝ....