අවසාන මොහොතේදීවත්awasaana mohotheedhiiwath

Awasana Mohothediwath

සංගීතය:
අශාන් ප්‍රනාන්දුashaan pranaandhu
පද රචනය:
නිසල් ප්‍රනාන්දුnisal pranaandhu

ගී පද

මගේ පළමු ප්‍රේමය අදින් අහවරයි 
සමුගත්තේ මම නොවේ ඔයා විතරමයි
අපි අපිට නොලැබීම දෛවය තමයි
නුඹේ සෙනෙහේ හිමි නැති පව්කාරයා මමයි
(සැනසිල්ලේ ඇස් දෙක පියාගන්නවත්
නුඹ එන්න අවසාන මොහොතේදීවත්....//)

දහස් වරක් පසුතැවුණා වේදනා ඉවසලා
ආදරේ හද පතුලේ මැරි මැරී ලතැවුණා
වැඳ වැටී ඔබගේ සෙනෙහේ අයදින්නෑ 
සත්තකින් මගේ ජීවිතේ ඇති තුරා
(සැනසිල්ලේ ඇස් දෙක පියාගන්නවත්
නුඹ එන්න අවසාන මොහොතේදීවත්....//)

ආයෙමත් මතු ජන්මේ මුණගැහෙන්නට එපා
ජීවිතේ අද මාගේ මළගමක් කළේ ඔයා
වැඳ වැටී ඔබගේ සෙනෙහේ අයදින්නෑ 
සත්තකින් මගේ ජීවිතේ ඇති තුරා....

මගේ පළමු ප්‍රේමය.....