අවසන් වරටත්awasan waratath

Awasan Waratath

සංගීතය:
අශාන් ප්‍රනාන්දුashaan pranaandhu
පද රචනය:
නිසල් ප්‍රනාන්දුnisal pranaandhu

ගී පද

ඔය මුහුණ දැකලා මැරුණත් කමක් නෑ 
මගෙ කඳුළු පිසදා ඔබ යන්න පව් නෑ

ඔබේ සෙවණින් පිටව යන්නම් 
මේ හිත හදා ගන්නම්
ඔබ මට නැති වුනේ මා කල පව් හින්දා 
(අවසන් වරටත් ඔබ අමතන්නම් 
සැප දුක සොයා බලන්න 
මින් පසු ආයෙත් මගෙ කටහඬවත් 
ඇහෙන එකක් නෑ ඔබට...//)

ආපසු හැරී යන්න මට පාර පෙන්වන්න 
ඔබෙ ලෝකයෙන් පිට වෙලා 
ඈතින් ඉඳන් ඔබට පෙම් කරමි හැමදාම 
මගෙ ජීවිතේ ඇති තුරා 
 
ඔබේ සෙවණින් පිටව....

අපෙ ඇසුර නිම වෙන්න 
හේතුව ඔබයි මැණික 
දැන් පලක් නෑ දුක් වෙලා
මගෙ ජීවිතේ විපත සිදු වේවි ඉක්මනට     
ඔබ මාව අසරණ කළා

ඔබේ සෙවණින් පිටව....