අවසන් සටනawasan satana

Awasan Satana

සංගීතය:
සනුක වික්‍රමසිංහsanuka wikramasinha
පද රචනය:
මනුරංග විජේසේකරmanuranga wijeeseekara

ගී පද

අවසන් වරට කළ පෙම් සටන ළඟ මා පැරදුනේ
අවසන් වසර මා හා ගෙව්ව පෙම අවසන් වුනේ
සරසවි උයන තනිවූ දිනෙක මා එහි තනි වුනේ
විඳි පෙම් සුවඳ මහවැලි ඉවුර ළඟ මිහිදන් කළේ..//

නුඹ හා ගෙව්ව මොහොතක සුවය හන්තානට වැඩි
ගිනිගත් හදට රාගී සුවඳ දළු දැම්මා නිති
වරහන් නොමැති ආදර ගීය නුඹ ගැයුවේ බැඳි
නුඹ කළ පෙමට මා දුන් දුකම දැන් මා විඳවමි..//

අවසන් වරට....

මල්වර නැකත වැරදී උන්න ඇය හා මා බැඳි
සංවර සසර ළඟ මා නිරය මැව් බව මා දනී
පූජාසනය සේ මා දුටුව නුඹටම එරෙහි වී
තව මල් පිපෙන තුරු ළඟ උන්න කාලය වැරදුනි//

අවසන් වරට....