අවසන් පෙම මගේawasan pema magee

Awasan Pema Mage

සංගීතය:
රධීෂ් වැන්දබෝනාradhhiish waendhaboonaa
පද රචනය:
සජිත් චතුරංගsajith chathuranga

ගී පද

අවසන් පෙම මගේ ඔබමයි මේ භවේ
වෙන කව්රුත් අගේ නැති හින්දා ලොවේ
ඔබ හට හැකිනම් ආයේ
ඇති තැනකින් එක මොහොතක් මගෙ දුක නිවන්නට
(ඔබ ඇවිල්ලා යන්න)....//
අවසන් පෙම මගේ ඔබමයි මේ භවේ.......

මගේ අඩු පාඩු සොයා නිතරම වැරදි කියා
බොරුවට සැක කරලා ඔබ ගියදා ඉඳලා
දින සති රහසේ තනි වෙලා නොදැන ගෙවිලා
යළි කවදාවත් ඔබ මගේ නොවෙන හින්දා
ඔබ ඈත හිටියත් හිතක් නෑ වගේ
අවසන් කැමැත්තත් එයයි අද මගේ
කවදා හෝ මම මළොත් පැල්පතට අපේ
(ඔබ ඇවිල්ලා යන්න)....//

ඔබේ අත ගන්න සදා මම පින් නොකළ නිසා
එළඹෙන භවයක මා ඔබගෙම වෙන්න සිතා
තිලෝ අග බුදුගේ මුණි දෙපා වඳිමි හැමදා
මතු සසරේවත් ඔබ මගේ වෙන්න පතලා
දුක ශෝකේ එක සේ බෙදා පෙර දිනේ
ගත කෙරුව මතකේ තියා හදවතේ
කවදා හෝ මම මළොත් පැල්පතට අපේ
(ඔබ ඇවිල්ලා යන්න)....//

අවසන් පෙම මගේ.........