අවසන් පෙම මගේ ඔබමයි මේ භවේawasan pema magee obamayi mee bhawee

Awasan Pema Mage

ගී පද

අවසන් පෙම මගේ ඔබමයි මේ භවේ
වෙන කවුරුත් වගේ නැති හින්දා ලොවේ
ඔබ හට හැකි නම් ආයේ
ඇති තැනකින් එක මොහොතක් මගෙ දුක නිවන්නට 
ඔබ ඇවිල්ලා යන්න.... ඔබ ඇවිල්ලා යන්න
අවසන් පෙම මගේ ඔබමයි මේ භවේ

මගේ අඩුපාඩු සොයා නිතරම වැරදි කියා
බොරුවට සැක කරලා ඔබ ගියදා ඉදලා
දින සති රහසේ තනිවෙලා නොදැන ගෙවිලා
යලි කවදාවත් ඔබ මගේ නොවෙන හින්දා
ඔබ ඈත හිටියත් හිතක් නෑ වගේ
අවසන් කැමැත්තත් එයයි අද මගේ
කවද හෝ මම මලොත් පැල්පතට අපේ
ඔබ ඇවිල්ලා යන්න.... ඔබ ඇවිල්ලා යන්න

ඔබේ අත ගන්න සදා මම පිං නොකල නිසා
එල්ඛෙන භවයක මා ඔබගෙම වෙන්න සිතා
තිලෝඅග බුදුගේ මුනි දෙපා වදිමි හැමදා
මතු සසරේවත් ඔබ මගේ වෙන්න පතලා
දුක ශෝකේ එක සේ ඛෙදා පෙර දිනේ
ගත කෙරුව මතකේ තියා හදවතේ
කවද හෝ මම මලොත් පැල්පතට අපේ
ඔබ ඇවිල්ලා යන්න.... ඔබ ඇවිල්ලා යන්න

අවසන් පෙම මගේ........