අවසන් මොහොතයි මේ ගතවී යන්නේawasan mohothayi mee gathawii yannee

Awasan Mohothai Me

ගී පද

අවසන් මොහොතයි මේ ගතවී යන්නේ 
දිව්රන්නම් ආදරෙයි මන් පනටත් වඩා 
මගෙ වස්තුවේ ඔබ නැති ලොවේ 
මට ඉන්න බෑ මිහිදන් වෙන්නම් පොලොවේ

සතුටින්ම ඔබ ඉන්න මෙලොවේ ඇති තැනක 
මගෙ ආයුෂත් ඔබට බාරයි සුදු මැණික //

නිදන් වූ සෙනෙහස මේ පපුවේ 
අදත් මා සගවගෙන පැතුවේ 
ඔබේ යහපතමයි හැම වෙලවේ හැමදිනේ 
කොහේහෝ ඇති තැනකින් මෙලොවේ 
ඇවිත් එක දවසක් හෝ ලදුනේ 
මේ වැටෙන කදුලු පිස නිවාලන්නේ දුක මගේ 

මගෙ වස්තුවේ ...

සතුටින්ම ඔබ ඉන්න ... //

නැතත් හිමි ඔබ මට මේ බවයේ 
යලිත් උපදින හැම මතු බවයේ
මගේ වේවා ඔබ සදාකල් මගේ ආදරේ 
තවත් එක පැතුමක් නැත මහදේ 
මගේ ඇස් දෙක පියවෙන මොහොතේ 
ඔබේ රුව දැකලා වැසේවා ඇස් දෙක මගේ 

මගෙ වස්තුවේ ... 

අවසන් මොහොතයි මේ ගතවී යන්නේ 
දිව්රන්නම් ආදරෙයි මන් පනටත් වඩා 
මගෙ වස්තුවේ ඔබ නැති ලොවේ 
මට ඉන්න බෑ මිහිදන් වෙන්නම් පොලොවේ 
සතුටින්ම ඔබ ඉන්න මෙලොවේ ඇති තැනක
මගේ ආයුෂත් ඔබට බාරයි සුදු මැණික //