ගී පද
අවන්හලේ සුසුම් හෙලා තැවෙන්නෙපා සිනා සෙන්න මා හා
තරු රෑන ඈත පායන සේ නොනිදා
නිසංසලේ ගයන්නකෝ නිරන්තරේ රංගන්නකෝ මා හා
සිත සෝක ඈත යන්න පාවෙලා...
බිඳුණු පෙමට ඇයි හඩන්නේ
කීම කඳුලට දිනුම දෙන්නේ හා හා
මින් දහසින් මුහුදේ ඉන්න ඉන් තවකෙක්
දිනාගන්න හා හා
නෑ තනිවී අපි නෑ තනිවී
ආදරේම දේවි වේදනා
අවන්හලේ සුසුම් හෙලා.../
හෙට දවසක් ගැන හිතන්න
අද මෝහතක් සිනාසෙන්න හා හා
දුක දොම්නස දුරහරින්න
පෙම් සිතිවලි කවි ලියන්න හා හා
නෑ තනිවී අපි නෑ
ආදරේම දේවි වේදනා
අවන්හලේ සුසුම් හෙලා.../