අවනත නෑ සිතawanatha nae sitha

Awanatha Na Sitha

ගී පද

අවනත නෑ සිත ඔබ හැර යන්නට
හමුවන අවසන් නිමේෂයේ
වදනක් කිව මැන සිත සැනසෙන්නට
හෙට අන්සතුවන කුමාරියේ //

මොහොතින් නිම විය දෙහිතක සෙනෙහස
කිසිදා නොබිදෙයි කියා සිතූ
පෝරුව මත හෙට ඔබ හිමි ඔහු හට
එය සිහිවන සඳ තෙමෙයි නෙතු

අවනත නෑ සිත .....

යුගයෙන් යුගයට ඔබේ සුවඳ ඇත
පැතිරී මා සිත් නිවාසයේ
බලා සුපෙම්වත බැහැ සමුදෙන්නට
හඩා වැටෙයි හඳ කුමාරියේ

අවනත නෑ සිත ........