ගී පද
අවකාශයේ අනන්තයටත් එහා
ඉමක් නිමක් නැති කොනක් සොයා
හිත ඉගිල්ලෙන්න හදයි
කඳු දෑලේ හැලෙන
නොහැලී බැඳෙන මීදුමේ
ගල් වී හීතලෙන් මිදුනූ
සිතුවිලි පින්ඩයක්
කඳු දෑලේ හැපී දියවී
ගලයි දියවී ගලයි
අවකාශයේ අනන්තයටත් එහා
ඉමක් නිමක් නැති කොනක් සොයා
ගැලවුණු පියාපතින් සීමා බඳී
කඳු දෑල මීදුමේ පිරියමින්
වැදී මුත් නොසෙල්වී
නොසෙල්වී
ගල්වී හීතලෙන් මිදුනූ
සිතුවිලි පින්ඩයක්
කඳු දෑලේ හැපී දියවී
දියවී ගලයි දියවී