අවදිවන්න අවදිවන්නawadhiwanna awadhiwanna

Awadiwanna Awadiwanna

සංගීතය:
C T ප්‍රනාන්දුc t pranaandhu

ගී පද

අවදි වන්න අවදි වන්න - දීප්තිමත් දිනකි උදා වෙලා තියෙන්නේ
හිතනවාට වඩා සොඳුරු විනෝදබර ලෝකෙක අපි ජීවත් වෙන්නේ

සුසුමි හෙළන කලට දුක් වෙලා - ඔබත් සමඟ කවුද හඬන්නේ
ටිකක් සතුටු වන්න හිනැහිලා - දහසක් ඒ ලෙස හිනහෙන්නේ

බලනු මැනවි කුරුළු කැදැල්ලේ - සතුට සැපත රස ඉතිරෙන්නේ
එහෙම ඉඳිමු සිත සැනසිල්ලේ - දුකිනි මිනිස් කම ලැබ ගන්නේ

දුක සැප දෙක පෙරළි පෙරළි යයි - යන කාලය නැත නවතින්නේ
ඊයෙ වගෙද අද ටිකක් හොඳයි - අදට වඩා හෙට හොඳ වෙන්නේ