උස්සංගොඩ - Avatarussangeaada - avatar

AVATAR Medley - Chamara Weerasinghe Medley

ගී පද

ලෙන්ගතුකම නෙතග තියා බලනා විට ඔබ
සගවාගෙන ඉන්නට බැ මගේ ආදර හිත
මිතුරිය සේ ඔබ උන්නත් මගේ හදවත ලග
සොදුරිය කර ගන්නයි මා සිතුවෙ සැම දින..//

නිවාඩුවට වෙනද වගේ ආවේ ගමරට
මගේ පුංචි කුමාරියගෙ මුහුණ දකින්න
හදාගන්න බැරි තරමට බිඳුනෙ මගෙ හිත
ඔයා නැවතිලා මට හිමි නොමැති ලෝකෙක...

උස්‌සංගොඩ කදු මුදුනට සිසිල ගෙන දෙන
සන්ධ්‍යාවේ සුලගත් මට නොදෙයි සැනසුම
සිත්තම් කර සිත ලග සුන්දර පෙම් සිහින
දුක්‌ දෙන්නට නපුරු උනේ නුඹ මට කොහොම..//

යහලු යෙහෙළියන් සමගින්, අපි පාසල් පාරේ
ඇවිද ගියපු මග පාළුයි, අපි අද නැනේ
කියා ගන්න බැරිවුවට හිතේ ආදරේ...
සිතින් නේද අපි දෙන්නා ලන්වි... ආදරේ කලේ...

හිත හෙමිහිට හදාගන්න රත්තරං මට
සිහිනෙන්වත්....එන්න එපා සුවද අරගෙන
සමරු පොතේ දග කෙරුවත්... අපේ මතකය...
හදා ගන්න මට දෙන්න... මගේ හදවත..//

ආදරේ සුන්දර තැන් සියුම් ලෙස විඳගන්න
ඔබට බැරිනම් මෙතුවක් ආදරේ පිළිගන්න
දැනෙන මේ පෙම් හැඟුමන්
පවසාවි විඳවනා තරම්..//
ලියන්නට පෙම් හසුනක් ඔබේ හිතගන්න
උපන් සහසක් හැඟුමන්
ලියා තැබුවා මං..//
හිතේ පූදින පෙම් මල්
ඔබට පුද දෙන්න
වසන්තය යලි එනකල්
බලන් හිටියා මං..//

එක දවසක එක සවසක සැඟවී ගිය ඔබ..
ඊට පසුව හමුවුණෙ නෑ කවදාවත් මට..
එක දවසක එක සවසක සැඟවී ගිය ඔබ..
ඊට පසුව හමුවුණෙ නෑ කවදාවත් මට..
මම නොදනිමි ඔබ කොහේද කාගේ කවුරුද..
යළි නිරතුරු ඔබ දකින්න එන්නයි මගෙ සිත..

කිරින්දෙ එනවාද...
සුදු රළ ගල් කුල මත හැපි හැපි පෙම් බැන්ද
සවසක අප සයුරු තෙරක සිසිලස වින්ද..
මතකය සිහිනෙක යළි කිසි දිනෙක නොවින්ද..
ජිවිතයට මට අමතක නොවෙයි කිරින්ද...
නොවෙයි කිරින්ද...