අතුරු සිදුරු නැතිව පිරුණු සුපිරි අවන්හලේathuru sidhuru naethiwa pirunu supiri awanhalee

Athuru Siduru Nathiwa Pirunu

ගී පද

අතුරු සිදුරු නැතිව පිරුණු සුපිරි අවන්හලේ 
මම දොරටු පාලයා 
ප් ‍රේම කරන නන් දොඩවන තරු විසුතුරුලොවෙ
මම දොරටු පාලයා //

හිස් අතේ දුක දරා නෙත් දෙකෙ සැප පුරා
මම රූ අදුරේ ගෙට ගොඩවෙනවා
මගෙ දරු පැටවුන් තුරුලුකරන් ඔබහිනැහෙනවා
මට රජ සැප මගෙ ගෙදරම වෙනවා

මගෙ හිතෙ දුක  වෙලා තනිකමෙ තනිවෙලා
මම රෑ අදුරේ සිහින දකිනවා 
රසම සරුලු අතර ඉදන් අප හිනැහෙනවා 
මම ඒ සිහිනෙත් දොරටු රකිනවා

අතුරු සිදුරු නැතිව පිරුනු සුපිරි අවන්හලේ 
මම දොරටු පාලයා 
ප් ‍රේම කරන නන් දොඩවන තරු විසුතුරුලොවෙ
මම දොරටු පාලයා