ගී පද
ඇතුලේ හදවත පතුලේ මම
ආදර කවියක් ලිව්වා
කොපුලේ ඔබ තැවරු හිනාවක
නොතිබූ රහසක් තිබුනා
මගදි යනඑන විටදි හමුවීලා
කියනවද මට නුඹ මගේ කියලා
නුඹේ හිනාවක කවමදාකවත් නොතිබූ පාටක් තිබූනා
අපේ කතාවක හිතේ පාඩුවෙ පැටලී ඉන්නට හිතුනා
හදවතේ ආඩම්බරේ
නැතිවෙලා යන්න
නොගෙන අවසර නොසිතු මොහොතක
ඉඹිනවා මූන....
ඇතුලේ හදවත....
ඔයා මගේම ද කියා නොකියාම හොරැහින් ඉගි තියලා
ගියාය සදවත ආයෙ දවසක එනවාමයි කියලා
දුර වුනත් කොච්චර හිතේ
නැවතිලා හිදින
ගෑනුලමයෝ මොකද ඔච්චර හංගගෙන මූන..
ඇතුලේ හදවත...