ඇතුල් වීම තහනම්aethul wiima thahanam

Athul Weema Thahanam

සංගීතය:
මාධව හේවාවසම්maadhhawa heewaawasam
පද රචනය:
මාධව හේවාවසම්maadhhawa heewaawasam

ගී පද

(ඇතුල්වීම තහනම්
ඇරගෙන හදවත් දොරටු පියන්...//) 
චාටු වදන් පෙරටු කරන්
හමනවා ප්‍රේම සුළං
දෑස වසාගෙන සිටියොත් මැකේවි
ආදර බිතු සිතුවම්
(ඇතුල්වීම තහනම් ඇරගෙන හදවත් 
දොරටු පියන් අනවසරෙන්...//)

(අපි පියා සලා හිස් අහසේ 
ආදරේ කළා සිත් සිතු සේ...//)
ගියා මගේ මටත් නොකියා හිත අතුරේ
එතෙර වුණා මම නතර වෙලා
ආදර දුක් ඉවුරේ
ඉතිරි වුණා පොඩි දුක් කවියක්
හදවත් කැටපත් පවුරේ...
(ඇතුල්වීම තහනම් ඇරගෙන හදවත් 
දොරටු පියන් අනවසරෙන්...//)

(යාවෙලා පෙම් සිහිලේ 
මං හීන මැව් ඒ තුරුලේ...//)
තාම දැනෙනවා හුස්මක උණුසුම උකුලේ
ඇඬෙන ටිකත් මිහිරි දුකක්
හංඟන් හද පතුලේ
වටින හුඟක් මතක ගොඩක්
තියෙනවා හිත ඇතුලේ...

(ඇතුල්වීම තහනම් ඇරගෙන හදවත් 
දොරටු පියන් අනවසරෙන්...//) 
චාටු වදන් පෙරටු කරන්
හමනවා ප්‍රේම සුළං
දෑස වසාගෙන සිටියොත් මැකේවි
ආදර බිතු සිතුවම්
(ඇතුල්වීම තහනම් ඇරගෙන හදවත් 
දොරටු පියන් අනවසරෙන්...//)