ආත්මයේ මාaathmayee maa

Athmaye Ma

සංගීතය:
Stereomiinds
පද රචනය:
ඉසුරංග ඉනියගේisuranga iniyagee

ගී පද

සායම් බොඳවූ නගරේ..
මසුරන් සොයමින් ඇදෙනා..
සලෙලුන් හැඟුමන් මුදනා..
නෙක මර දූවරු ඇති යහනා..

මායම් පිරි මේ අඹරේ....
සැණකෙළි රූ හිත දවනා..
මධුවිත පිරෙනා ඇඳිවත නැසෙනා
රාගේ මායාවක්...

දුර ගව් ඈත සිතිජයකින් පාවී ආවේ මා..
මරු වැල් පිරුණු යම කතරේ පිපි ඒ පියුම සොයා..
නිතඹ සැලෙනා රන් සළු ඉරුණු දෙව්ලිය වන් අඟනා..
ශෘංගාර නෙතඟින් මා දෙස බලා
රඟදෙන්නා...

රඟදෙන්නා...

නෙත් කැළුම් පිපුනු රන් සඳවත..
හෙලනා රාග හැඟුමන් මා වෙත..
ඇදුනා මාගෙ දෙනුවන් කෝල බැල්මෙන්..
නාරි රඟනා ඉම වෙත..
කාසි අහුරක් විසිකර....
දිවැසින් මාන බලමින් ඈ දෙස..
පැතුවා විඳගන්න නා දෙතොලේ..
සුසුමින් උණුහුම් මදහස..

තුරුණු හදේහී ලියවී..
ගැයු ගීයක රස දැනුනා..
යුගයෙන් යුගයට දැල්වුණු ආශා දෙනෙතේ රූ ඇඳුනා..
පායා ආ සඳ සේදී කාලේ තිමිරෙන් වැසුනා..
වියපත් හදවත සුසුමක් හිරකර
සිතිජය වෙත ඇදුනා..

නෙතු සිල් බිඳින මත් කරන ලඳුනේ මා දකිනා..
ඒ ශෘංගාර ගත විඳින හද
රාගෙන් දැවුනා..
මල් මකරන්ද රොන් පතන වියපත් වූ බඹරා..
සැරිසරා ආත්මයේ මා..ඔබ සොයනා..

ඔබ සොයනා..

නෙත් කැළුම් පිපුනු රන් සඳවත..
හෙලනා රාග හැඟුමන් මා වෙත..
ඇදුනා මාගෙ දෙනුවන් කෝල බැල්මෙන්..
නාරි රඟනා ඉම වෙත..
කාසි අහුරක් විසිකර ..
දිවැසින් මාන බලමින් ඈ දෙස..
පැතුවා විඳගන්න නා දෙතොලේ
සුසුමින් උණුහුම් මදහස..

නෙතු සිල් බිඳින මත් කරන ලඳුනේ මා දකිනා..
ඒ ශෘංගාර ගත විඳින හද
රාගෙන් දැවුනා..
මල් මකරන්ද රොන් පතන වියපත් වූ බඹරා..
සැරිසරා ආත්මයේ මා..ඔබ සොයනා..

ඔබ සොයනා..

සැරිසරා ආත්මයේ මා..ඔබ සොයනා..

සැරිසරා ආත්මයේ මා..ඔබ සොයනා..