ගී පද
(ආත්මය වන් මගේ පුත නුඹ
දමා යන්නට අවසරයි.....//)
අවසරයි.....
මහමෙරට වැඩි දුක හිසින් ගෙන
ගතින් දුබලව ගිලන් ඇඳ මත
මෙතෙක් ආ කටුක දිවි මග
නිමා වී ගෙන යයි අකලට......
ආත්මය වන් මගේ පුත
නුඹ දමා යන්නට අවසරයි......
මටත් මා නැති මේ භවය තුළ
එකම සම්පත නුඹම විය පුත
මෙලෙස මා නුඹ දමා යන්නද
ඒත් යායුතු වේ නුඹ හැර.......
ආත්මයවන්......//