ඈතින් ඈතට (ඔය ඇස් අමතක)aethin aethata (oya aes amathaka)

Athin Athata (Oya As Amathaka)

ගී පද

ඈතින් ඈතට ඈතින් ඈතට
ඈතින් ඈතට ගියා...
මා ලඟ තිවු සිත අරන් ගියා
සුවඳ වත් මා ලග‍ නොතියා
අමතක කරලන්නම් කියා ගියා..
අමතක කරලන්නම් කියා ගියා..

ඔය ඇස් අමතක වෙන්න නම්
මගේ ඇස් පිය වෙන්න වෙයි...//

සීතල වැහි බිංදු සේම කදුළු
කඩා හැලෙනවා නිමක් නොවේ
පොළව ඉහිලුවත් ඒ වැහි බිංදු
කදුළු ගලන්නට ඉඩ මදිලු

ඔය ඇස් අමතක වෙන්න නම්
මගේ ඇස් පිය වෙන්න වෙයි...//

ජීවිතයේ මඟ ම‍ට හරි නුහුරු
ඉර බටු තරුවයි මග පෑදූ
ඈතක ගිය තරුවක මා දැවටි
පැතුම් හඩා වී මග තනිවී

ඔය ඇස් අමතක වෙන්න නම්
මගේ ඇස් පිය වෙන්න වෙයි...//