ඈතින් ඇසෙන ඝණ්ඨාaethin aesena ghanttaa

Athin Asena Ganta

සංගීතය:
රෝහණ වීරසිංහroohana wiirasinha
පද රචනය:
බන්දුල නානායක්කාරවසම්bandhula naanaayakkaarawasam

ගී පද

ඈතින් ඇසෙන ඝණ්ඨා නාදයක් ලෙස
රෑකින් මිදෙන අවපස සඳවතක් ලෙස
දෝතින් පුදා දුන් හද මඬල යස
තාමත් මගේ ළඟමයි සිහිනයක් ලෙස

ඔබ වෙන්වුණේ ඔබ වට බැඳි පවුරින්ය
මා තනිකළේ හැකිවත් නැති උන්ය
කිසිවකු නමින් නොපිදුණු හිත එලෙසින්ය
ඔබ දැන් මට පෙනෙන්නේ මට මතකින්ය

ආලය අයිති වීමෙන් පසු නිම වේද
මා හ අයිති නැති ඹබ අද ඇයගේය
සෝබර හිතට මේ කිසිවක් නොහැගේය
ඈතින් හිඳිමි මා පණ නල ඔබගේය